Sayuri – Episode 01

හමුදා සොයුරෙක් සමග පැටලුණු මිලානෝ ආදරය... 2020 වසරේ ආදරණිය නවකතාව.......... (සත්‍ය සිදුවිමක් ඇසුරෙන්)
“සීරුවෙන් සිටින්............. එයි උඹලට කියන්න ඕනද පාසින් අවුට් වෙන්නත් ළගයි හරියට  වැඩේ තියෙන්න ඕන“  ඒ රළු හඩ සමග හමුදා විශේෂ බලකායේ සෙබලුන් හිටි පිළිම වගේ හිටියේ ඔහුන්ගේ පුහුණුවේ ඇති පිළිවෙළ සිහිගන්වමින්.  “හරි හෙට අන්තිම දවස පුහුණුවිම් වල යක්කු වගේ ඉන්න ඕන උඹලා එසේ මෙසේ සෙබලුන් නෙවෙයි දැන්“ අදට නියමිත පුහුණුවිම් අවසන් දැන් තමයි කට්ටියටම නිදහසක් ආවේ.  “ එයි සොයිසා බලපං 05 දෙනාටයි පාස් දෙන්නේ මගේ කෙල්ලගේ ගෙදර අයටත් එන්න තිබ්බ චාන්ස් එක කෑවා බං“ “ ඔව් මචං මට නම්  ඔවා ප්‍රශ්න නෙවෙයි බං එක පාස් එකක් තිබ්බත් මට ඇති අපේ අම්මා දැක්කොත් ඒ ඇති මට අපට ඉතිං කෙල්ලෝ නැහැනේ බං“  සිනාසෙමින් සොයිසා හෙවත් ආකාශ් කිව්වේය. “අඩෝ මට අඩුගානේ දෙකක්වත් දීපං බං මම දහඅතේ කල්පනා කරන්නේ මොකද්ද කරන්නේ කියලා“ පුබුදු ආකාශ්ට ඇවටිලි කළේය.    හරි බං උඹ මගේ බඩියානේ  මගේ බෑග් එකේ උඩ සාක්කුවේ පොතක ඇති 05ම  01ක් තියලා හතරම ගනින් උඹගේ කෙල්ලයි මාමණ්ඩිලයි නැන්දම්මලයි ඔක්කොම ගෙන්වපං නෑනටත් එන්න කියපං ආකාශ් සිනාසෙමින් පුබුදුට කිව්වේය.    
CG_cbf14748-8image_story
පුබුදුට ආකාශ් ගැන පුදුම ලෙන්ගතුකමක් ඇතිවිය. පුබුදු අනිවාර්යෙන්ම දන්වා ආකාශ් අඩුම දෙකක්වත් දෙනවා කියලා. පුුබුදුගේ දවස්ගානක කල්පනනාවට ආකාශ් තිත තැබුවේය. “අඩෝ හු### තෝ වගේ එකේ මම දැකලම නැහැ බං“ පුබුදුවා ආකාශ් උස්සලා කැරකැව්වේය. “අඩෝ මම බිය තියපං මාව වැටුණොත් කොහොමද උබේ නෑනා බලන්නේ. ආකාශ් කියන්නේ අපේ කතාවේ ප්‍රධාන චරිතයයි. හමුදාවේ සමාන්‍යෙයන් අමතන්නේ අවසන් නාමයයි. එසේ නිසා ඔහුට නිලධාරින් සහ හමුදාවේ යහලුවන් කිව්වේ සොයිසා කියලා. ආකාශ්ට හිටියේ අම්මා විතරයි. අම්මා තේ පැක්ටේරියක වැඩට ගොස් ආකාශ් උස්මහත් කළේය. පොඩිි කාලේදි හෘදයාබාධයකින් ආකාශ්ගේ තාත්තා මිය යන විට ආකාශ් යන්තම් බහ තොාරන වයසේ. සියළුම කම්කටලු මැද වෙන ඇසුරකට නොගොස් අම්මා ආකාශ් ලොකු මහත් කලේ ඔහුට තියන ආදරේටය. ආකාශ්ට හමුුදාවට බැදෙන්න කිසිම අවශ්‍යතාාවයක් නැත. එවකට 2009 වර්ෂය ඊළාම් යුද්ධයේ බැරෑරුම්ම අවස්ථාව මැරුණු හමුදා සෙබලුන් සීල් කර දකුණට එන හැටි ඔහුන්ගේ අවසන් කටයුතු කරන හැටි ආකාශ් ඇස් දෙකින්ම දැක්කේය. ආකාශ් පාසලේ කැපි පෙනෙන ශිෂ්‍යෙයකි. ගමේ පාසලේ 05 වසර ශිෂ්‍යත්වය පාස්වෙලා ගාල්ලේ ලොකු පාසලකට ඔහුට යන්න අවස්ථාව ලැබුණේ ඒ නිසා එපමණක් නොව ඔහු පාසලේ ක්‍රීඩා අතින් අතිදක්ෂ විය. ඔහුට ශිෂ්‍ය නායක තනතුරක්ද හිමි විය. ක්‍රීඩා කටයුතු නිිසා ඔහුට විශ්ව විද්‍යාල වරම් අහිමි විය. ඒත් ඔහු විෂයන් තුනටම සම්මාන සමාර්ථ ලබා ගත්තේය. දවසක් ඔහු නිවසේ ඉන්න කොට (ඉතිරි කොටස හෙට හෝ අනින්දට බලන්න) නිර්මාණකරු - සමීර ශාන්ත

Leave a Reply